Tuesday, November 20, 2012

Aluthnuwara Dadimunda Dewalaya



සංකේෂපය
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි මාවනැල්ල නම් වූ ප‍්‍රදේශය වර්තමානයේ පමණක් නොව ඈත අතීතයේ සිට ම ලංකාවාසීන්ගේ අවධානයට පමණක් නොව ගෞරවාදරයට ද පාත‍්‍ර වූ  ප‍්‍රදේශයක් වශයෙන් හැඳින්වීම නිවැරදි ය. එයට හේතුව වනුයේ අලූත්නුවර දේවාලයක් පිහිටා තිබීම වන අතර, එය ‘දැඩිමුණ්ඩ දේවාලය’ වීමයි. බෞද්ධ ජනතාව ප‍්‍රමුඛව සියලූ ම ලාංකිකයන්ගේ වැඳුම් පිදුම් ලබන ස්ථානයක් වශයෙන් අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය පෙන්වාදිය හැකි ය. අලූත්නුවර පිහිටා තිබෙන මෙම දේවාලය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමේදී මතවාදයන්, ජනප‍්‍රවාදයන්  සඳහා විශේෂ ස්ථානයක් හිමිවන අතර, එහි සත්‍ය අසත්‍ය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමක් මෙහි දී සිදු නොවේ. මන්ද මෙයට ඵෙතිහාසික වශයෙන් සුවිශේෂි ස්ථානයක් හිමිව තිබෙන බව අතීතයේ සිට වර්තමානය දක්වා වන්දනාකරුවන්ගෙන් මෙය පිරී ඉතිරී තිබෙනුයේ මෙහි පවතින සත්‍යතාව නිසාවෙන් යැයි මට සිතෙන සිතිවිල්ල නිවැරදි යැයි මම සිතමි. කෙසේ වුව ද මෙම ලිපිය මඟින් අවධානයට යොමු වනුයේ අලූත්නුවර දේවාලය සම්බන්ධයෙන් ඉතිහාසයේ පවතින්නා වූ පුරාවෘත්ත, මූලාශ‍්‍රයගත කරුණු, අතීතයේ පැවති ආකාරය සහ වර්තමානයේ කුමන ස්වරූපයකින් පවතින්නේ ද යන්න අධ්‍යයනය කිරීමටයි.

හැඳින්වීම


අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය වනාහි ලාංකීය ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දේවාල අතුරින් සුවිශේෂි ස්ථානයක් හිමි කරගන්නා දේවාලයකි. මෙම දේවාලයට දිගු ඉතිහාසයක් පවතින අතර, එය ගෞතම බුදුන් වහන්සේගේ සමය දක්වා දිව යන්නකි. එනම් වසර දෙදහස් පන්සියයකටත් වඩා දීර්ඝ වූ ඉතිහාසයක් අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙත පවතී. අලූත්නුවර දේවාලය ඉදිකිරීමේ දී යක්ෂයින් විසින් කපා ඉවත් කරවන ලද ගල් කැබලිවල ඉතිරි කොටස් මෙම දේවාල භූමියේ දක්නට ලබෙන  බව පැරුන්නන්ගේ අදහසයි. ඒ අනුව දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් පවතින මතවාද, දෙවියන්ගේ සංකේතය, දෙවියන් විසින් කරන ලද සටන් මෙන් ම අලූත්නුවර දේවාලය හා සම්බන්ධව පවතින අනෙකුත් දේවාල කෙරෙහි ද අවධානය යොමු කිරීමක් මෙහි දී සිදු වේ. එසේ ම අලූත්නුවර දේවාලය වර්තමානයේ කෙබඳු ස්වරූපයක් උසුලන්නේ ද යන්න සම්බන්ධයෙන් ද විමසා බැලීමක් මෙහි දී සිදු වේ.

අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් හඳුන්වන වෙනත් නම්


දැඩිමුණ්ඩ දෙවියන් හැඳින්වීම සඳහා විවිධ නාමයන් යොදා ගන්නා අතර එම නාමයන් කවරේ ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් ය. ඒ අනුව නාමයන් හතළිහකින් පමණ හඳුන්වන බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වේ. ‘සඳුන් බණ්ඩාර’ යන්න ව්‍යවහාර කරන බව ඉතිහාසයේ සඳහන් ය. එසේ ම ‘මැණික් බණ්ඩාර’ යන්න ද දැඩිමුණ්ඩ දෙවියන් හැඳින්වීම සඳහා යොදා ගනී. කළුකම්බිලි දේවතා බණ්ඩාර, ගෝමර බණ්ඩාර, සුදුවල් කුමරු, කළු දේවතා යනාදි වෙනත් දෙවිවරුන්ගේ බලය ද දැඩිමුණ්ඩ දෙවියන් විසින් යොදා ගෙන තිබේ. උපුල්වන් දේව ප‍්‍රතිමාව අලූත්නුවරට වැඩම කරවන ලද අවස්ථාවේ දී දැඩිමුණ්ඩ දෙවියන්ගේ තේජසට යටත් වූ හෙයින් උපුල්වන් දෙවියන් ඇමතූ කළු දේවතා යන්න දැඩිමුණ්ඩ දෙවියන් කළු දේවතා බණ්ඩාර යන නමින් ප‍්‍රසිද්ධියට පත්ව තිබේ.  මෙම නාමයන්ට අමතරව ‘අලූත්නුවර දේවතා බණ්ඩාර’ යන නාමය ද මෙම දෙවියන් සඳහා ද භාවිතා කරන බව මූලාශ‍්‍රය ඇසුරින් සනාථ වේ.

දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආයුධ සහ සංකේතය


දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආයුධ සම්බන්ධයෙන් විමසීමේ දී වේවැල සහ හැරමිටිය භාවිත වූ බව සඳහන් වේ. මෙම ආයුධ කවර අරමුණකින් භාවිත කළේ ද යන්න පැහැදිලි නැත. එසේ ම මෙම දෙවියන්ගේ සංකේතය වශයෙන් සලකනුයේ කුකුළා ය. වර්තමානයේ ද බැතිමතුන් ප‍්‍රාණයට ප‍්‍රාණයක් දීමට පොරොන්දු වන අතර, ඒ සඳහා කුකුළෙකු පූජා කරයි. එසේ දේවාලයට පූජා කරන කුකුළන් වෙනත් පුද්ගලයින් ගෙන ගොස් සුරතලයට ඇති කරනු දක්නට ලැබේ.

දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් පවතින මතවාද


මෙම දෙවියන් සම්බන්ධයෙන් මතවාද රැුසක් ම පවතින අතර, ඒවා මොනවා ද යන්න විමසා බැලීමක් මෙහි දී සිදු වේ. එසේ පවතින මතවාදයන් අතර ‘මාලදිවයින් රජු ’ යැයි පවසන මතයක් ද වේ. එයට අනුව විකුණ්ට භද්‍රව නම් යක්ෂ ගෝත‍්‍රයට අයත් බව සඳහන් ය. මාලෝස් දිවයින නමින් හඳුන්වන මාලදිවයිනේ රජු වශයෙන් මෙම දෙවියන් ප‍්‍රසිද්ධ ය. දෙමව්පියන් සම්බ්න්ධයෙන් විමසීමේ දී පියා යක්ෂ ගෝත‍්‍රකයෙකු වන පූර්ණක නම් වන බවත්, මව කැලණියේ එරන්දිකා නම් නාග ගෝත‍්‍රයට අයත් වූ කාන්තාවක වශයෙනුත් ඉතිහාසය දක්වයි. මෙම දෙදෙනාට දාව උපන් කුමාරයා ‘දුනුමන්ත හෙවත් දැඩිමුණ්ඩ’ නම් වන බව සඳහන් ය. මුල් කාලයේ දුනුමන්ත නමින් හඳුන්වන ලද මෙම කුමාරයා පසුකාලයේ දී දැඩිමුණ්ඩ යන නමින් හඳුන්වා තිබේ. ගෞතම බුදුන් වහන්සේට ආරක්ෂාව සපයන ලෙස වෙසමුණි රජු දැඩමුණ්ඩ දෙවියන්ට පවසා තිබේ. දසබිම්බරක් මාර සේනාව බුදුන් වහන්සේට විරුද්ධව පැමිණෙන විට සියලූ දෙවිවරුන් බුදුන් වහන්සේ අතහැර පලා ගිය බව සඳහන් ය. නමුත් දැඩිමුණ්ඩ දෙවියන් පමණක් දුන්නක් අතේ තබා ගෙන සිටි බව ජනප‍්‍රවාදයේ සඳහන් ය. මෙයින් පැහැදිලි වනුයේ දුනුමන්ත කුමාරයා මහත් බල පරාක‍්‍රමයකින් යුක්ත වූ බවයි. එපමණක් ද නොව ‘ආයුධ කුමට වේවැලෙන් තලමි’ යනුවෙන් පවසමින් වේවැලක් පමණක් අතේ තබාගෙන සිටි බවත් ජනප‍්‍රවාදයන්හි විස්තර වේ. මාර සේනාව පරාජය කරන අවස්ථාව වනවිට මේ කුමාරයා සොළොස් වියේ සිටි බවත්, එතැන් සිට දැඩිමුණ්ඩ යන නාමය යෙදුණ බවත් සඳහන් ය.

දැඩිමුණ්ඩ දෙවියන් මහත් බල පරාක‍්‍රමයකින් යුක්ත වූ බව කුඩා කාලයේ සිට ම කරන ලද සටන් පිළිබඳව විමසීමේ දී පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ දී මේ කුමාරයා අංගං සටන් සඳහා දක්ෂතාවක් පෙන්නුම් කර තිබෙනුයේ කුඩා කාලයේ සිටම ය. පියා යක්ෂ ගෝත‍්‍රයට අයත් නිසාත්, මව නාග ගෝත‍්‍රයට අයත් නිසාත් දැඩිමුණ්ඩ දෙවියන්ගේ මුහුණ යක්ෂ ස්වරූපයක් ගන්නා බවත්, නයි පෙණ ගන්නා බවත් සඳහන් ය. මෙම දෙවියන් ලංකාවට පැමිණීමෙන් පසුව අංගං සටන් ඉගෙන ගත් බව පුරාවෘතත්යන්හි දක්වා තිබේ.

දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් පවතින මතවාද අතර, දැඩිමුණ්ඩ දිව්‍ය රාජ වර්ණනාව නම් ග‍්‍රන්ථයෙහි සඳහන් පුවත ද වැදගත් ය. මෙම කෘතියට අනුව මෙම දෙවියන් හිමවතයේ සිට ලංකාවේ සමන්තකූටයට පැමිණ එහි වාසය කළ දෙවියන්ගේ දුනු  ආයුධ ලබාගෙන විෂ්ණු දෙවියන්ගෙන් රන් දුන්න ලබාගෙන පැමිණ තිබේ. මෙසේ මිනිසුන්ට සෙත සැලසීමේ අරමුණින් යුතුව දෙවුන්දරට පැමිණි බවත්, ඉන් පසුව උග්ගල් නුවරට සහ අලූත්නුවරට පැමිණි බවත් සඳහන් ය. මෙසේ පැමිණි ගමන යකුන් සමඟින් පැමිණි අතර, කුන්නයිරාගනා, ගොපලූ, පිල්ලි, ගිනිජාල, ලවුදි, ගිනි බ්රාඩි, මල්ලව, භාග, දෙවොල්, වටුක, ඩමරි, සහ මංග්ර යන යක්ෂයින් අයත් වූ බව සඳහන් වේ. නමුත් පස්දේවතා’ කෘතියට අනුව දැඩිමුණ්ඩ දෙවියන් ලංකාවට එවන අවස්ථාවේ දී ඔහු සමඟ දේවතාවන් පස් දෙනෙකු එවා තිබේ. කළුදේවතා, කම්බිලි දේවතා, ගුරුමා දේවතා, හැඳයා දේවතා සහ රත්න කඩවර දේවතා යනු එම පස්දෙනායි. මෙම දෙවිවරුන්ගේ ගමන වළක්වාලීමට අනෙක් දෙවිවරුන් උත්සාහ ගෙන තිබෙන් නමුත්, දැඩිමුණ්ඩ දෙවියන් එම බාධක බිඳලමින් පැමිණි බව සඳහන් වේ. ඒ අනුව පළමුව කළුතරට පැමිණි බවත්, අනතුරුව මඩකලපුවට ගොස් එම ස්ථානයෙන් තවත් දෙමළ යකුන් කිහිපදෙනෙකු සමඟ දෙවනගලට ගිය බවත්, අවසානයේ ගල කැපූ ස්ථානය හෙවත් අලූත්නුවරට පැමිණි බවත් සඳහන් වේ.

දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් මතවාද බොහොමයක් පවතින අතර එවන් එක් මතවාදයක් මෙසේය, අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ දැඩිමුණ්ඩ නමින් ප‍්‍රසිද්ධියට පත් වුයේ ප‍්‍රාදේශීය නායකයෙක් බවට මතවාදයක් පවතී. දඹදෙණි රාජ්‍ය සමයේ දී හෙම්මාතගමට නුදුරින් පිහිටි කෙහෙල්පන්නල ගමේ ශක්තිමත් දුනුවායෙක් වාසය කර තිබේ. මොහු දිනක් රාත‍්‍රියේ පිදුරංගල කඳු මුදුනේ සිට බලන විට ඈත වනාන්තරයේ ගසක් මුදුනේ පහනක් දැල්වෙනු දැක එයට විඳ තිබේ. පසුදින පැමිණ එම ඊතලය වැටුණ ස්ථානය සොයා ගිය බවත්, විශාල සපු ගසක් මුදුනේ එය තිබෙන බව දැක එහි පැලක්  ඉදිකර පදිංචි වූ බවත් සඳහන් ය. මෙහි බෝග කිරීමෙන් පසුව එය සාර්ථක වූ බව දුටු තවත් තරුණයින් කිහිපදෙනෙකු පැමිණ දැඩිමුණ්ඩ සමඟ පදිංචි වූ බවත්, ඔහුගෙන් දුනු ශිල්පය හදාළ බවත් සඳහන් ය. දුන්නක වරපටය ගැට ගසන ස්ථානය මුණ්ඩ නමින් හඳුන්වන අතර, නායක දුනුවායා පසුකාලයේ  දී දැඩිමුණ්ඩ නම් වූ බවත් මෙම පුරාවෘත්තය තවදුරටත් පෙන්වා දෙයි.

මෙම පුවත හා සම්බන්ධව තවත් කතා රැුසක් පවතින අතර, මේ කාලයේ දඹදෙණි පාලකයාට විරුද්ධව පිරිසක් කැරුල්ලක් දියත් කළ බවත් දැඩිමුණ්ඩ විසින් වේවැලකින් තලා මොවුන් මර්දනය කළ බවත් සඳහන් ය. රජතුමා මෙම කැරලිකරුවන් මරා දැමීමට අණ කළ නමුත්, දැඩිමුණ්ඩගේ මැදිහත් වීම නිසා අභය ලැබුණ බවත් විස්තර වේ. මෙම කැරලිකාර පිරිස ගෙන ගිය දැඩිමුණ්ඩ මොවුන් ලවා දෙවනගල සිට රගලහල දක්වාත්, රාස්සකන්දේ සිට බතලේගල දක්වාත් වනය කපා අස්වද්දවා ජල මාර්ග ඉදිකරමින් කුඹුරු කරවූ බව සඳහන් ය. මේ හේතුව නිසා දැඩිමුණ්ඩ ගෞරවාදරයට ලක් වූ බවත්, දඹදෙණි පාලකයා රාජ්‍ය සම්මාන පවා ලබාදුන් බවත් විස්තර කරයි. සෑම අවස්ථාවක ම දැඩිමුණ්ඩ වේවැලක් අතේ තබාගෙන සිටි බවත්, මරණින් පසුව දේවත්වයට පත්ව තමන්ගේ පිහිට පතන අයට උපකාර කරන ලද බවත් සඳහන්වේ.

එමෙන් ම දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් පවතින මතවාද අතර වෙසමුනි වරම් ලබාගෙන දඹදිවින් ලංකාවට පැමිණියේ යැයි සඳහන් පුවත ද පෙන්වාදිය හැකි ය. වෙසමුණි දෙවියන්ගේ ආලකමන්දාපුරය ආරක්ෂා කිරීමට යක් සෙනෙවියන් විසි අටක් සිටි බවත්, එහි ප‍්‍රධානියා පූර්ණක නම් වූ බවත් සදහන් ය. එම කාලයේ දී ඉදිපත් නුවර රජෙකු වෙත සිටි විධුර පඬිවරයාගෙන් බණ අසා නා ලොවට ගිය නා රජු එම පුවත් විමලා නම් බිසවට පැවසී ය. ඇය ද විධුර පඬිවරයාගෙන් බණ ඇසීමේ ආශාව වෙනත් ආාකරයකින් ප‍්‍රකාශ කළ අතර, ඔහුගේ හදවත පලා මස් කෑමෙහි ආශාවක් ඇති වූ බව පැවසුවා ය. මෙම අවස්ථාවේ දී යක්ෂ සේනාපති පූර්ණක ඉදිරිපත්ව විමලාවගේ රූමත් එරන්දති දියණිය ලබාගැනීමේ පොරොන්දුව මත ඉදිරිපත් නුවර රජු සූදුවෙන් පරාජය කොට විධුර පඬිවරයා විමලා වෙත රැුගෙන ආවේ ය. මේ අනුව එරන්දති නිසා පූර්ණක නම් වූ යක්ෂ සේනාපතියා ලැබූ පුතා දැඩිමුණ්ඩ නම් වූ බව සඳහනි. ඉන්පසුව ලංකාවට පැමිණි දැඩිමුණ්ඩ බලවත් දෙවියෙකු බවට පත් විය. දැඩිමුණ්ඩ වෙසමුණි වරම් ලබාගෙන දඹදිව සිට පැමිණි බවත්, ගනේතැන්නේ කඳු ගැටයේ සහ හිඟුලේ තවත් ස්ථානයක වාසය කළ බවත් මහනුවර රාජ්‍ය සමය වනවිට මහත් පුද සත්කාර ලැබූ බවත් සඳහන් වේ.

දඹදෙණි රාජ්‍ය සමයේ දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ විකල් රෝගය ‘කෙකටිය මලේ වත ඇරුණ ද සුව නොවේ’ යැයි රජුගේ දේව ප‍්‍රතිරාජ නම් ඇමතිට උපුල්වන් දෙවියන් සිහිනෙන් පැවසූ නිසා සත්‍ය වටහාදීමත්, චන්ද්‍රභානුගේ ආක‍්‍රමණය සිදු වූ අවස්ථාවේ දී උපුල්වන් දෙවියන්ගේ පිහිට පතන ලද නිසාත් මේ හේතුවෙන් වීරබාහු කුමරු ජය ලැබීම නිසාත්, පරාක‍්‍රමබාහු රජුගේ උපදෙස් අනුව උපුල්වන් දෙවියන් වෙනුවෙන් සතර කෝරළේ අලූත්නුවර පද්දාවෙල් යායේ දේවාලයක් ඉදිකිරීමට ක‍්‍රියා කළ අතර, මෙහි ප‍්‍රධානත්වය ගෙන කටයුතු කරන ලද්දේ රජුගේ බිසව බවත් සඳහන් ය. එසේ ම දෙවුන්දර සිට උපුල්වන් දේව ප‍්‍රතිමාව උග්ගල් අලූත්නුවරටත්, ඉන්පසුව හිඟුලේ කිරුංගල්පාය හරහා අලූත්නුවරටත් ගෙන එන ලද බවත් සඳහන් ය. එසේ රැුගෙන ඒමේ දී දැඩිමුණ්ඩ දෙවියන්ට ද ආරෝපණය කර අලූත්නුවර අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් වැඩ සිටින බව ද පිළිගනු ලැබී ය. මේ අනුව උපුල්වන් දේව බලය දැඩිමුණ්ඩ දේව බලය වශයෙන් සලකන ලද බව සඳහන් ය.

වර්තමානය වනවිට අලූත්නුවර දේවාලය දැඩිමුණ්ඩ දෙවියන්ට කැප වී ක‍්‍රියාකරන බව උක්ත විස්තරවලින් ගම්‍ය වන අතර, කතරගම දෙවියන්ගේ ඇමතිවරයෙකු වශයෙන් ද දැඩිමුණ්ඩ දෙවියන් සලකන බව ඇතැමුන්ගේ අදහස යි. උපුල්වන් දෙවියන්ගේ අවසරයෙන් දැඩිමුණ්ඩ දෙවියන් වාසය කරන බව පුරාණයේ සඳහන් පද්‍යවලින් අනාවරණය වේ.

සුරත් ඉසුරු දෙවියන් රැුස්වී                    සිට
වරන් ඇතිව ලක්දිව                    පන්දහසට
නරන් රකින ලෙස මතු                 පන්දහසට
එරන්දතී කුස  පිළිසිඳ එම                      විට

පන්දහස්කාලයකට ලංකාව භාරදීම උපුල්වන් දෙවියන්ට භාර කළ බවත්, එම නිසා උපුල්වන් දෙවියන්ගේ අවසරය මත දැඩිමුණ්ඩ දෙවියන් සිටි බවත් පැහැදිලි ය. විධුර ජාතකයට අනුව දැඩිමුණ්ඩ දෙවියන් බුුදුන් වහන්සේගේ මාර පරාජයේ දී පලා නොගිය බවත්, මෙම පුවත ම උපුල්වන් දෙවියන්ට සම්බන්ධ කර තිබෙන හෙයිනුත් මෙහි යම් සත්‍යතාවක් තිබෙන බව පිළිගත හැකි ය. විධුර ජාතකය සඳහන් කරන අන්දමට දැඩිමුණ්ඩ යනු වරුණ දෙවියාගේ මුණුපුරා බව සඳහන් වන අතර, මහාචාර්ය පරණවිතානයන් දක්වන අන්දමට උපුල්වන් යනු පැරණි භාරතයේ සිටි වරුණ දෙවියන් ම බව පවසයි.

මේ ආකාරයට අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් විවිධ මතවාද පවතින බව පැවසිය හැකි ය. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න සෙවීම දුෂ්කර වන නමුදු අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අතීතයේ සිට ම ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දේවාලයක් වශයෙන් හැඳින්වීම නිවැරදි ය.

දැඩිමුණ්ඩ දෙවියන් සහ සපුමල් කුමාරයා

සපුමල් කුමාරයා සම්බන්ධයෙන් ද අලූත්නුවර දෙවියන් සම්බන්ධව කතා ප‍්‍රවෘත්තියක් ගොඩ නැඟිී තිබේග කෝට්ටේ පාලකයා වූ හයවන පරාක‍්‍රමබාහු රජතුමා තමන් විසින් මෙහෙයවන ලද යාපනයේ යුද්ධය සඳහා සපුමල් කුමරු පිටත් කර හරින ලදී. එහි දී සපුමල් කුමරුට මුහුණදීමට සිදු වූයේ ආර්ය චක‍්‍රවර්තීන් නම් පාලකයා සමඟ සටන් කිරීමට ය. මෙම ගමන ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් කුමරු යුද්ධයෙන් ජය ගැනීමේ අපේක්ෂාව සහිතව කෝට්ටේ රජමහා විහාරයට ගොස් එහි තිබෙන දැඩිමුණ්ඩ මහ දේවාලයේ ප‍්‍රධාන දොරටුවේ පඬුරක් ගැට ගසා දැඩිමුණ්ඩ දෙවියන්ට භාරයක්  වූ බව සඳහන් වේ. මෙහි දී කුමරුගේ අපේක්ෂාව වී ඇත්තේ යුද්ධයෙන් ජයග‍්‍රහණය කිරීමයි. ඒ අනුව යාපනය පාලනය කළ ආර්යචක‍්‍රවර්තී රජු පරාජය කරමින් සපුමල් කුමාරයා ජයග‍්‍රහණය කළේ ය. මෙසේ ජයග‍්‍රහණය කිරීමෙන් පසුව සපුමල් කුමරු ප‍්‍රථමයෙන් ම සිදුකරන ලද්දේ දැඩිමුණ්ඩ දෙවියන්ට තමන් වූ භාරය ඉස්ට කිරීම යි. ඒ සඳහා කුමරු නැවත කෝට්ටේ රාජධානියට පැමිණ තමන් යුද්ධය සඳහා භාවිත කරන ලද රන් අසිපත දැඩිමුණ්ඩ දෙවියන්ට පූජා කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

ලංකාවේ පාලකයා බවට පත්වීම

දැඩිමුණ්ඩ දෙවියන් ලංකාව පාලනය කළ පාලකයෙක් වශයෙන් ද සලකනු ලබන අතර, ගෞතම බුදුන් වහන්සේගේ සමය වනවිට ලංකාව අරාජිකව පැවති බවත් ඉතිහාසයේ සඳහන් වේ. මෙරට පාලකයෙකු නොමැති වූ හෙයින් ලංකාව පාලනය කිරීමේ කාර්යය දැඩිමුණ්ඩ දෙවියන් විසින් සිදු කරන ලද බව සඳහන් වේ. බලංගොඩ ප‍්‍රදේශයේ පිහිටි දේවාලය රාජ මාළිඟාව වශයෙන් සලකන ලද අතර, මාවනැල්ල ප‍්‍රදේශයේ පිහිටි අලූත්නුවර පිහිටා තිබුණ මාළිඟය දෙවැනි මාළිඟාව වශයෙන් සලකන ලදී. දැඩිමුණ්ඩ දෙවියන් තමන්ගේ මන්ත‍්‍ර බලයෙන් උක්ගස් ගල් බවට පත්කිරීම නිසාවෙන් උග්ගල් නම් වූ බව සඳහන් වේ. මෙම දෙවියන් රට පාලනය කරන සමයේ  දී ලංකාවේ ප‍්‍රථම වාරි කර්මාන්තය බිහි වූ බවට මතයක් පවතින අතර, අමුණු හැටක් සහ නගර දහ අටක් පැවති බව පුරාවෘත්තයන්හි දක්වා තිබේ. එසේ ම පොල්තෙල් පහනේ ආරම්භය සිදුවන්නේ ද දැඩිමුණ්ඩ දෙවියන් දවස බව සැලකේ.

අලූත්නුවර දේවාලය හා සම්බන්ධ අනෙකුත් දේවාල

අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ප‍්‍රධාන දේවාලය වශයෙන් සලකන අතර, මේ හා සම්බන්ධ වූ තවත් අප‍්‍රධාන දේවාල රැුසක් ම හමු වේ. අම දේවාල අතර, කෝට්ටේ රජමහා විහාරයේ ඵෙතිහාසික සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ මහ දේවාලය, පත්තිනි දෙවියන් සහ සමන් දෙවියන් අදහන දේවාලවල දැඩිමුණ්ඩ දෙවියන් ඩැඩ සිටින බවත්, යක්ෂ ගෝත‍්‍රිකයින් සහ අංගම්පොර සටන්කරුව්න දැඩිමුණ්ඩ දේවාලය අදහන බවත් පැවසේ. මේ ආකාරයට අලූත්නුවර දේවාලය ප‍්‍රධාන කොටගෙන තවත් දේවාල රැුසක් ම ක‍්‍රියාත්මක වන බව පැහැදිලි ය.


නිගමනය


මේ ආකාරයට අලූත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඈත අතීතයේ සිට ද ජනතාවගේ නොමඳ ගෞරවාදරයට ලක් වූ බවත්, රාජ්‍ය අනුග‍්‍රහය ද මේ සඳහා හිමි වූ බවත් පැහැදිලි ය. එසේ ම ගිහි ජනතාව මුහුණ දෙන කරදර, උවදුරුවලින් මිදීම සඳහාත්, යක්ෂ සහ පේ‍්‍රත වැනි අදෘශ්‍යමාන බලවේගවලින් ඇතිවන කරදරවලින් මිඳමටත්, දරුවන් නොමැති කාන්තාවන් දරුවන් ලබාගැනීම සඳහාත් අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට පතා පැමිණෙනු දැක ගත හැකි ය. එමෙන් ම කෙම්මුර දවස් වූ බදාදා සහ සෙනසුරාදා යන දින දෙකෙහි පැමිණි ජනතාව වර්තමානය වනවිට සතියේ සෑම දිනක ම පාහේ පැමිණෙනුයේ දෙවියන් කෙරෙහි වූ අසීමිත භක්තිය නිසාවෙනි. තව ද වාර්ෂිකව සිදුකරනු ලබන අලූත්නුවර පෙරහැර ද ජනතාවගේ සිත්හි පවතින්නා වූ දේව භක්තිය මනාව ප‍්‍රකට කරවයි. මේ අන්දමට අලූත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් සම්බන්ධයෙන් විවිධ මතවාදයන් මෙන් ම ජනප‍්‍රවාදයන් පවතින නමුදු ලාංකීය ජනතාව මහත් භක්තියෙන් යුතුව දැඩිමුණ්ඩ දෙවියන් වැද පුදා ගැනීමට පැමිණෙන බව පැවසිය හැකි ය.


ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

Aluthnuwara Dadimunda Deviyo, Available at:

Aluthnuwara Dadimunda Deviyo, Available at:
https://chamaramj.wordpress.com/page/9/[Accessed on: 2012/11/02]

Aluthnuwara Dadimunda Deviyo, Available at:

Aluthnuwara Dadimunda Deviyo, Available at:

Aluthnuwara Dadimunda Deviyo, Available at:

Aluthnuwara Dadimunda Deviyo, Available at:
[Accessed on: 2012/11/07]

Aluthnuwara Dadimunda Deviyo, Available at:

Aluthnuwara Dadimunda Deviyo, Available at:

Aluthnuwara Dadimunda Deviyo, Available at:
Aluthnuwara Dadimunda Deviyo, Available at:
http://www.divaina.com/2009/12/20/siya09.html [Accessed on: 2012/11/15]
Aluthnuwara Dadimunda Deviyo, Available at:
http://citynewkandy.blogspot.com/2012/06/blog-post_14.html [Accessed on: 2012/11/15]




















1 comment:

  1. It's really interesting. As a villager from a neighbouring village, there are some facts even I haven't come across. Even we had certain ideas about the legendary important facts connected to our fascinating Devalaya. Later I can contribute if possible. Anyhow you all have done a great job to reveal these buried historical events. Lionel Sirimanne. clionelsirimanne@gmail.com

    ReplyDelete